
අපේ ආරාම්භය සහ විකාශය

දිවංගත ජනාධිපති අති ගරු රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ සංකල්පයකට අනුව ගම්පහ දිසාවේ කටාන මැතිවරණ කොට්ඨාසයේ රද්දොළුගම නිවාස සංකීර්ණය ඉදිකරන ලදී. එම ඉදිකිරීමේ මුලික සැලසුමෙහි 9 බී 103 නිවස ඉදිකිරීමට තිබූ භුමියේ ඉපැරණි බෝධියක් පැවති හෙයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද කොරියානු සමාගම එම බෝධිය ඉවත් කිරීමට ගත් උත්සාහයන් යම් හාස්කමකින් දෝ මෙන් ව්‍යවර්ථව ගිය හෙයින් එම බිම් කොටස් අත හැර ඉදිකිරීම් කරන ලද බව තතුදත් ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත. වැඩ නිම කරන ලද නිවාස සංකීර්ණය 1982 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කිරීමෙන් පසුව මෙහි පදිංචියට පැමිණි බෞද්ධයන්ගේ නෙත ගැටුන මෙම ඉපැරණි බෝධි රාජයාණන් වහන්සේට වැදුම් පිදුම් කොට බෝධිය වටා තිබූ පස්ගොඩ මත පහන් දැල්වීමට පටන් ගැනිණි. කරුණු මෙසේ පැවතෙමින් තිබියදී 7 ඩී 7 නිවසේ පදිංචිව සිටි දිවංගත ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ එවකට සේවය කල 3 ඩී 12 නිවසේ පදිංචිව සිටි දිවංගත හෙක්ටර් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ඒකරාශී වී මෙකී ස්ථානය බෞද්ධයාට වැදුම් පිදුම් කළ හැකි තත්වයට පත් කළ නමුදු ගොඩනැගිල්ලක් නොමැති වුයෙන් ශීල ව්‍යාපාරය, දානමය කටයුතු රද්දොළුගම ප්‍රජාශාලාව ආශ්‍රිතව සහ වෙනත් පුද්ගලික නිවස ආශ්‍රිතව සිදුකරනු ලැබුවේය. එදා උපාසක උපාසිකාවන් හතර දෙනෙකුගෙන් ඇරඹි ශීල සමාදානයේ දී පළමුවෙන්ම බෝ මළුව අසල සිල්ගත් උපාසිකාමාතාවන් සිව් දෙනාට දානය පුජා කරන ලද්දේ 3 ඩී 17 නිවසේ පදිංචි ජී.එම්.පටබැදි මහතාත් එම මහත්මියත් ඔවුන්ගේ නිවසේ දීය.


පළමුවෙන්ම බෝධි මළුව අසල සිල් ගත් උපාසක උපාසිකාවන් සිව් දෙනා දානය ගන්නා අවස්ථාවක්
මේ අවධියේම සීදුව ව්‍යාපාරික මහත්මයෙකු විසින් පරිත්‍යාග කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් 3 වන කලාපයේ සිට බෝධි මළුවට පෙරහරකින් වැඩම කරවීමට හෙක්ටර් කරුණාරත්න මහතා, ජී.එම්.පටබැදි මහතා සහ යූ.සේනානායක මහත්වරු මුලිකත්වයෙන් කටයුතු කොට තිබේ. බෝධි මළුවට වැඩම කළ එම බුදුරුව අදටත් පවතින කුඩා ෛචත්‍යයට පහළින් තිබෙන බුදු කුටියේ තැම්පත් කර තිබේ.
මෙම බෝධීන් වහන්සේ ආශ්‍රය නිශ්‍රය කරමින් වැදුම් පිදුම් කිරීමට පටන් ගත් රද්දොළුගම පදිංචියට පැමිණි බෞද්ධයන්ගේ ආරාධනා පරිදි රද්දොළුගම නිවාස සංකීර්ණයට ආසන්නයේ පිහිටි රද්දොළුව සුබෝධාරාම සහ අභිනවාරාම විහාරස්ථානයන්හි වැඩ වසන රද්දොළුවේ අමරවංශ හිමිපාණන්, රද්දොළුවේ විමලවංශ හිමිපාණන් සහ සීදුවේ සුමනවංශ හිමිපාණන් වහන්සේලා වැඩමකරවා බෝධි පූජා, ධර්මදේශනා පිංකම් පවත්වා ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය බෞද්ධයන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දුන්හ. රද්දොළුවේ විමලවංශ හිමියන් විසින් සෑම සෙනසුරාදා දිනකම බෝධි පුජා පින්කම ආරාම්භ කරන ලද අතර උන්වහන්සේ සුබෝධාරාම විහාරස්ථානයේ සිට ශ්‍රී බෝධි මළුව දක්වා ගම මැද පාර හරහා පයින් වැඩම කරන ලදී.
නිවාස සංකීර්ණයට පදිංචිය සදහා පැමිණි බහුතර බෞද්ධ නිවැසියන් දැනුවත් කොට 1982 ජූලි මස 11 වන ඉරු දින “රද්දොළුගම බෞද්ධ මහා සංගමය” නමින් සංගමයක් ආරම්භ කොට එය ගම් 263 යටතේ ලියාපදිංචි කරනු ලැබීය. “මානිවත්ථ අභික්ඛම” (නොනැවතී ඉදිරියට) අපේ තේමා පාඨය වුයේය. ආරම්භක සභාපති වූයේ දිවංගත ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා වූ අතර ආරම්භක ලේකම්තු වූයේ දිවංගත හෙක්ටර් කරුණාරත්න මහතාය. එමෙන්ම අප සංගමයේ ආරම්භක භාණ්ඩාගාරික වුයේ ඩී.පුංචිහේවා මහතාය. ඒ වගේම රද්දොළුව අභිනවාරාමය සහ සුබෝධාරාම උභය විහාරස්ථාන වල විහාරාධිපති පූජ්‍ය පාද රද්දොළුවේ අමරවංශ ස්වාමීන් වහන්සේ, රද්දොළුව සුබෝධාරාම විහාරාධිකාරී රද්දොළුවේ විමලවංශ ස්වාමීන් වහන්සේ සහ රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍ය පාද සීදුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවන්ගෙන් යුක්තව සංගමයේ ආරම්භය සිදු විය. තවද ගිහි අනුශාසකවරුන් ලෙස කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේෂ කර්මාන්ත අමාත්‍ය දිවංගත ගරු විජේපාල මෙන්ඩිස් මැතිතුමා, නිවාස සංවර්ධන අධිකාරියේ එවක සභාපති ඩබ්ලිව්.ඩී.අයිලප්පෙරුම මැතිතුමා සහ නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු (දේපල කළමනාකරණ) ඩබ්ලිව්.විජේරත්න මැතිතුමන්ලාගේ ද නොමසුරු අනුශාසනාවන් සහයෝගයන් සංගමය වෙත ලැබුණි.
සංගමය මෙහෙයවන ලද වස් තුන්මාසයන්, කඨින මහා පිංකම්, සර්වඥ ධාතු ප්‍රදර්ශනයන් එදා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමෙහිලා බෙහෙවින් ඉවහල් වූ අතර මුකලන්ගමුව සුවිසුද්ධාරාම විහාරස්ථානයේ සහ රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයෙන් ඇරඹුන මිහිදු මහා පෙරහැර අප නිවාස සංකීර්ණය හරහා ගමන් කිරීමට සැලැස්වීම සෑම සෙනසුරාදා දිනකම බෝධි පුජා පිංකම් මාලාව, වෙසක් පොහොය දින පහන් කුඩු තරග පැවැත්වීම ආරම්භයේ සිටම බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමෙහිලා බෙහෙවින් උපකාරී විය.
මේ අතර ශ්‍රී බෝධි මළුවේ බෝධීන් වහන්සේ වටා ශාලාවක් සාදා නිම කර 1986 පෙබරවාරි මස 03 වන දින බෞද්ධ පින්වතුන්ගේ ආධාර ඇතිව විවෘත කරන ලදී. බෝධි මළුව ආශ්‍රිතව ඉදිකරන ලද ශාලාවේ ධර්මාසනය තැබීම සදහා උස් මණ්ඩපයක් 10 බී 76 නිවසේ පදිංචිව සිටි සෝමසිරි මහතාගේ ධන පරිත්‍යාගයෙන් සාදා නිමකරන ලදී. මෙහි ඉදිකරන ලද කුඩා බුදු මැදුරට පළමු බුදු පිළිමය පුජා කරන ලද්දේ 10 බී 23 එල් නිවසේ පදිංචිව සිටි වික්‍රමරත්න ගුරුමෑණියන් විසිනි. බෝධිමළුව වටා ග්‍රීල් වැටක් ඉදිකිරීමේ අවශ්‍යතාවයද පිංවතුන්ගේ දායකත්වයෙන් ඉටු කරනු ලැබූ අතර 3 ඩී 12 නිවසේ පදිංචිව සිටි සෝමසිරි මහතාගේ ධන පරිත්‍යාගයෙන් අදටත් පවතින කුඩා ෛචත්‍ය ඉදි කරන ලදී. මෙම අවධියේ අනුර මැදගෙදර මහතා විසින් බෝධි මළුවේ ඇති ශාලාවේ බිත්තියේ බුද්ධ චරිතය සිතුවමට නගා අලංකාර කරනු ලැබුවේය.
මේ සියළු ප්‍රබෝධයන් වර්ධනයන් අතර එතෙක් තාවකාලිකව ඉදි කර තිබූ ධර්මශාලා ගොඩනැගිල්ල ඉඩකඩ ප්‍රමාණවත් පරිදි පුළුල් කිරීම සදහා සංගමයේ ප්‍රථම සභාපති දිවංගත ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගේ කාල සීමාවේ ආරම්භ කර පසුව සභාපතිත්වයට පත් වූ දිවංගත එන්.අබේසිංහ මහතා සහ ඩිංගිරි බණ්ඩා මහත්වරුන්ගේ සභාපති දැරූ කාල සීමාවන් හීදී ඉඩකඩ ප්‍රමාණවත් පරිදි පුළුල් කිරීම සදහා අනුර අබේවර්ධන මහතාගේ ධන පරිත්‍යාගයෙන් සහ රද්දොළුගම සැදැහැවත් බෞද්ධ ජනතාවගේ ආධාර උපකාර ඇතුව ධර්මශාලාවේ කටයුතු නිම කිරීමට හැකියාව ලැබුණේය. තවද එම ගොඩනැගිල්ලේ වහලට අවශ්‍ය සම්පුර්ණ උළු ප්‍රමාණයම දිවංගත අමාත්‍ය විජයපාල මෙන්ඩිස් මැතිතුමා සහ එතුමාගේ පුත්‍රයා වූ ඩවින්ද්‍ර මෙන්ඩිස් මැතිතුමා විසින් පරිත්‍යාග කරනු ලැබීය.
ආරම්භයේ පටන් මෙම බෝධි මළුව ආශ්‍රිතව සිදු වූ සියළු භෞතික වැඩි දියුණු කිරීම් වලදී මෙන්ම බෞද්ධ ප්‍රබෝධය, පුනර්ජීවනය ඇති කිරීමේලා දිවංගත කේ.එම්.ඩිංගිරි බණ්ඩා මහතා නිලතල දරමින් සභාපති සහ ආගමික සංවිධායක යන තනතුරු දරමින් කරන ලද සේවාව අති මහත්ය. එමෙන්ම දිවංගත කුසුමා අල්විස් මහත්මිය, කමලා නාඔරුන්න මහත්මිය, එස්.මල්ලිමාරච්චි මහත්මිය සහ පසුකාලීනව නිවාස සංකීර්ණය හැරගිය මාලිනී මලේසුරිය සහ මියුරියල් මලේසුරිය දෙසොයුරියන් සුසිලා ජයවර්ධන මහත්මිය, විජේසුන්දර මාතාව, ස්වර්ණා උපාසිකා මාතාව ඇතුළු මහත්මීන් පොල්පිතිමුකලාන භාවනා මධ්‍යස්ථානය සහ රද්දොළුගම බෞද්ධ සංගමය අතර සහ සම්බන්ධතාවයක් ගොඩනගා සෑම මසකම භාවනා වැඩසටහනක් බෝධි මළුවේදී ආරම්භ කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය.
1996 වසරේදී රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සභාපතීත්වයට පත් වූ විමල් ජයවීර මහතාගේ අවධියේ දී එවකට පත් වූ කාරක සභාව සමග පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සංවිධානය කරන මිහිදු මහා පෙරහැර සංවිධානය කරන ලද අතර මුර්ති ශිල්පියෙකු ලවා මිහිදු හිමියන්ගේ පිළිරුවක් ද නිර්මාණය කරවා ගත්හ. ඒ අනුව රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සංවිධානය කල පළමු මිහිදු මහා පෙරහැර 1996 පොසොන් මස ඉතා චාම්ව සහ අභිමානවත්ව ගම්මානය හරහා ගමන් කළහ. එහිදී අවට විහාරස්ථාන වලින්, පාසල් වලින් දහම් පාසල් වලින් නර්තන ආයතන වලින් ලැබුණු අත හිත දීම් අප්‍රමාණයි.
සාමාජිකයකුගේ හෝ සාමාජිකයාගේ නිවසේ අභාවයන් සිදු වූ අවස්ථාවක බෞද්ධ සංගමය සතු ශෝක ප්‍රකාශ කරන බැනරය, තහඩු මඩුව ආදිය සැපයීම සිදු කරමින් පවතින අතර 1998 වසරේදී බෞද්ධ මහා සංගමයට අනුබද්ධිතව අවමංගල්‍යාධාර සංගමයක් පිහිටුවීමේ යෝජනාව ද විමල් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවතුන බෞද්ධ මහා සංගමයේ සභාවකදී සාකච්ඡා කොට ආරම්භ කරන ලද්දේ හුදෙක්ම සාමාජිකයාටද සංගමයෙන් යුතුකම් ඉටුවිය යුතුය යන අදහස පෙරදැරි කරගෙනය. රද්දොළුගම බෞද්ධ මහා සංගමයට අනුබද්ධිතව පිහිටුවන ලද මරණාධාර සංගමය ගම්/කටා/1996/04 ලෙස ලියාපදිංචි කරන ලදී.
පැවතුන බුදු මැදුර අබලන්ව පැවති හෙයින් 2001 වර්ෂයේ දී නව බුදු මැදුරක් ඉදිකිරීම ආරම්භ කරනු ලැබීය. එම බුදු මැදුර ඉදිකිරීම සදහා කිසිදු අයකිරීමක් නොකොට සැලසුම නිර්මාණය කර දුන්නේ 10 ඩී 17 නිවසේ පදිංචිව සිටි සෝමා කණ්ඩම්බි මහත්මිය වන අතර එම නව බුදු මැදුරම ඉදිකිරීමට විශේෂ ආධාර සිදු කලේ නවලෝක සමුහ ව්‍යාපාරයේ අධිපතිතුමා, දීප්ති ඉදිකිරීම් අධිපති අයි.ඩී.එම් බණ්ඩාර මහතා, ජී.ජී.දයාරත්න මහතා, සහ වීදුරු ආවරණ කුටියක් ලබා දුන්නේ 2 බී 118 ආර් නිවසේ පදිංචි උපාලි අමරසිංහ මහතා සහ එම මැතිණිය වන අතර සුජාතා ගමගේ මහත්මිය දොරක් පරිත්‍යාග කරනු ලැබීය.
2002 වසරේදී එවකට කැඩී බිදී දිරාපත්ව පැවති අටවිසි බුදු පිළිම වහන්සේලා වෙනුවට නව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28ක් 9 බී 100 එල් නිවසේ පදිංචි අනුර දිසානායක මහතා විසින් පුජා කරන ලදී.
2003 වර්ෂයේ සභාපතිත්වය දැරූ වසන්ත සිසිර කුමාර මහතාගේ මැදිහත්වීමෙන් අනුග්‍රහකභවතුන්ගේ දායකත්වයෙන් එම නව බුදු මැදුරෙහි චිත්‍ර ඇදීම සිදු කරන ලදී. රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ පරිපාලනමය අයිතිය පිලිබදව ඇති වූ ගැටළුවක් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස 2003 මාර්තු 28 වන දින ශ්‍රී බෝධි මළුවේ භාරකාරත්වය ශ්‍රී ලංකාවේ මහාභාරකාරවරයා වෙත අංක 10-9-2003 දරණ භාර ඔප්පුවෙන් පවරා දීමට කටයුතු කළහ.
ශ්‍රී බෝධි මළුවට අඩුවක්ව පැවතුන පුස්තකාලයක් 2004 වසරේ දී විශ්‍රාමලත් විදුහල්පතිනි ඉන්ද්‍රා ඩී කළුආරච්චි මහත්මිය සහ එතුමියගේ සිසු කැල විසින් පරිත්‍යාග කරනු ලැබීය.
2005 වසරේදී බෝධි රාජාණන් වහන්සේ වටකොට ඉදිකර තිබූ ප්‍රාකාරය වෙනුවට රන්වැටක් ඉදිකිරීමේ පූර්ණ මුල්‍ය දායකත්වය දරණ ලද්දේ 2 බී 130 එල් නිවසේ පදිංචිව සිටි පී.පී.දයාරත්න මහතා විසිනි. 2005 ජුනි මස 25 වෙනි දින පැවැත්වූ මිහිදු මහා පෙරහැරට ධාතුන් වහන්සේලා සහිත අප සංගමය සතු ධාතු කරඩුවක් රැගෙන යාමේ භාග්‍ය අපට උදා කලේ හේමන්ත මහරගේ මහතා විසින් ධාතු කරඩුවක් ශ්‍රී බෝධි මළුවට පුජා කල හෙයිනි. 2007 වසරේ දී 4 බී 16 එල් නිවසේ පදිංචි විහග අමරතුංග තරුණ මහතා විසින් සී.ඩී.එම්. දුරකථනයක් ශ්‍රී බෝධි මළුවට පුජා කරන ලද අතර 10 බී 10 එල් නිවසේ පදිංචි එල්.ඩබ්.ජයමහ මහතා විසින් ජාතික කොඩි එසවීමට අවශ්‍ය වානේ කොඩි කණු පරිත්‍යාග කරන ලදී. සිටි ට්‍රේඩස් පොත්හලේ අධිපතිතුමා විසින් දහම් පොත් තබා ගැනීම සදහා අවශ්‍ය වානේ අල්මාරියක් වීදුරු අල්මාරියක් සහ අලංකාර බුදු පිළිමයක්ද පුජා කරන ලදී. එම වසරේදීම කතෝලික බැතිමතෙකු වූ 4 බී 82 නිවසේ පදිංචි හියුගෝ ද අල්විස් මහතා විසින් රන් ආලේපිත ෛචත්‍යයක් පරිත්‍යාග කරන ලද අතර නෙතු සත්සර පුතුන් විසින් පිත්තල බෝ රුකක අනුරුවක් සහ බුද්ධ පුජා භාණ්ඩ අටක් පරිත්‍යාග කරන ලදී. 2006 වසරේ දී ඩී.වී.ඩී/රේඩියෝ යන්ත්‍රයක් බී.එන්.ගාල්ලගේ මහත්මිය විසින් පරිත්‍යාග කරන ලදී.
2008 වසරේ දී වසර 25ට වඩා පැරණි බෝධි මළුව වටා තිබූ ධර්මශාලාව වෙනුවට අළුතින් ධර්ම ශාලාවක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ එල්.පී.ප්‍රනාන්දු මහතා සභාපතිත්වය දරණ අවධියේදීය. එම ගොඩනැගිල්ල ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් සාදා නිම කර 2009.03.27 වන දින සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් විවෘත කරන ලදී.
2010 වසරේ දී මෙම සංගමයේ ආරම්භක සභාපතිව සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු, හිටපු සභාපතිවරයෙකු වූ නන්දදාස අබේසිංහ සහ ගිණුම් පරීක්ෂකවරයෙකු වූ ගුණසේන අබේවික්‍රම යන මහත්වරුන්ගේ නාමයන්ගෙන් මාර්ග තුනක් නම් කිරීම සිදු කරන ලදී. තවද බෝධි මළුව ධර්මශාලාවට යාබද ඉඩම් හිමිකරුවන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ ඉඩමෙන් කුඩා බිම් තීරුවක් බෝධි මළුවට ලබා ගැනීමට හැකි වුයේය. මෙම වසරේදී බෞද්ධ සංගමය විසින් නව මිහිදු පිළිරුවක් ද තනාවා ගැනීම ද සිදු කරනු ලැබුවේය. තවද මෙම වසරේ දී අළුතින් ඉදි කල බෝධි මළුව පරිශ්‍රයේ ඇති ගොඩනැගිල්ලේ බිතු සුතුවම් ප්‍රදේශයේ බෞද්ධ පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව නිම කිරීමට හැකියාව ලැබිණ.
2011 වසරේ දී රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් ස්වාමීන් වහන්සේලා 260 නමක් වැඩම කර නිවෙස් කරා යොමු කොට දානය පිළිගැන්වීමට කටයුතු සංවිධානය කරන ලදී. තවද සුදු සරැයටි දිනය නිමිත්තෙන් දෘෂ්‍යාබාධිත 50 දෙනෙකු සදහා දිවා අහාරය පිරි නැමීමමද සිදු කරන ලදී. 2011 අප්‍රියෙල් මස 01 වන දින සිට රද්දොළුගම සමාධි බුදු මැදුරේ සියළුම පරිපාලන සහ නඩත්තු කටයුතු බෞද්ධ මහා සංගමය භාරගනු ලැබුවේය. ශ්‍රී බෝධි මළුවේ සිට කරන පිරිත් දේශනා, බෝධි පුජා පිංකම් සජීවීව සමාධි බෝධි මළුවට විකාශනය වන පරිදි ශබ්දවාහිනී සම්බන්ධතාවය ඇති කළේය.
2013 වර්ෂයේ රේණුක අබේසිංහ මහතා සභාපතිත්වයට පත් වීමෙන් පසු ධර්මශාලාවට යාබදව තිබූ ගබඩාව නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් භික්ෂු විවේකාගාරයේ ඉදිකිරීම් වැඩ ආරම්භ කරන ලදී. මෙම වසරේදීම කටාන කළුවාරිප්පුව ප්‍රදේශයේ පදිංචි නිමල් ගජසිංහ මහතා ඇතුළු පවුලේ සැම විසින් ඔවුන් සතුව තිබූ සීවලී රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් අප සංගමය වෙත පරිත්‍යාග කරන ලදී. මෙම වසරේ දී අඩු ආදායම් ලාභීන් හට අක්ෂි කාච ප්‍රධානය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදී.
2014 වසරේ දී භික්ෂු විවේකාගාරයේ සහ ගබඩා කාමරයේ වැඩ කටයුතු නිම කරන ලදී. තවද 4 බී 50 නිවසේ පදිංචි වසන්ති අබේසේකර මහත්මිය සහ පවුලේ සැමගේ පුර්ණ දායකත්වය මත රද්දොළුගම සමාධි බුදු මැදුර පරිශ්‍රයේ අලංකාර ෛචත්‍යයක් ගොඩ නගන ලදී. මෙම වසරේ දී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීලික්ස් පෙරේරා මැතිතුමා සහ පළාත් සභා මන්ත්‍රි මෙරිල් පෙරේරා මැතිතුමා විසින් අප සංගමයට රෙදි හට් දෙකක් පරිත්‍යාග කරන ලදී. මෙම වසරේ බෞද්ධ මහා සංගමය ආරම්භයේ සිටම ඉතා කැපවීමෙන් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට සහ ගමත් පන්සලත් අතර අනොන්‍ය සහයෝගීතාවය ඇති කිරීම සදහා කැපවී කටයුතු කල හිටපු සභාපතිවරයෙකු වූ කේ.එම්.ඩිංගිරි බණ්ඩා මහතාගේ අභාවය සිදු වුයේය. එතුමා කරන ලද අමිල සේවාවවන්ට උපහාරයක් වශයෙන් අවමංගල කටයුතු සියල්ල රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මුලිකත්වයෙන් සිදු කරන ලදී.
වර්ෂ 2015 අරුණ ඉන්දික මහතා සභාපතිත්වය දරණ අවධියේ දී රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සංවිධානය කරන ලද වෙසක් සතිය සුමධුර ධර්මදේශනා පිංකම් මාලාවේ සය වන සුමදුර ධර්මදේශනය පැවැත්වූ අති පූජ්‍ය පොල්පිතිමුකලානේ පඤ්ඤාසිරි හිමිපාණන් විසින් පැවැත්වූ ධර්ම දේශනය කිරණ විජේසේකර, රසික නානායක්කාර, ලසන්ත ප්‍රියංකර යන මහත්වරුන්ගේ තාක්ෂණික සහය මත ශ්‍රී බෝධි මළුවේ සිට අන්තර් ජාලය හරහා ලොව සිට බෞද්ධ ජනතාවගේ දහම් පිපාසය සංසිදුවාලන්නට ලොවට බෙදා හැරීමට හැකියාව ලැබුණු අතර එමගින් මාලදිවයිනේ සිටින බෞද්ධ පින්වතුන් පිරිසක් සජීවීව මෙම ධර්මදේශනය සදහා සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබිණ. තවද එම වර්ෂයේ දීම 19 වෙනි වතාවටත් පැවැත්වූ මිහිදු මහා පෙරහැර ශ්‍රී බෝධි මළුවේ ධාතු කරඩුව හස්තිරාජයෙක් පිට වැඩවමවීමට හැකි වීම රද්දොළුගම බෞද්ධ ජනතාව ලැබූ භාග්‍යයකි. ඒ වගේම මිහිදු පෙරහර සදහා තිස්ස රජතුමාගේ පිළිරුව චිරාන් කිත්සිරි මහතා විසින් ද ශ්‍රී බෝධි මළුව පරිශ්‍රයේ ෛචත්‍ය බුදු පිළිමයේ නව බුදු රැස් වළල්ල පුජා කිරීම තිසර නලීන් මහතා විසින් ද පාර පෙදෙසෙහි ඇති බුදු කුටියේ පහල ගේට්ටුව සවි කිරීම සෝමසිරි මහතා විසින්ද බෝධි මළුවේ ඇති පිරිමි වැසිකිලිය සදහා පිස් පෝච්චියක් ඩබ්ලිව්.දිනේෂ් මහතා විසින්ද ගැහැණු වැසිකිලිය සදහා වැසිකිලි පෝච්චියක් 5 බී 8 එල් නිවසේ පදිංචි ස්වර්ණ ලතා ද සිල්වා මහත්මිය විසින්ද පරිඝනකයක් අස්විද ලක්සිරි මහතාත් පරිඝනකය මේසයක් අශාන් රත්නගොඩ මහතා විසින් රද්දොළුගම බෞද්ධ මහා සංගමයටත් ශ්‍රී බෝධි මළුවටත් පරිත්‍යාග කරන ලදී. තවද රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ නිළ Facebook පිටුව 2015 මාර්තු මාසයේ දී අන්තර්ජාලයට මුදාහරින ලදී. රද්දොළුගම 5 බී 65 එල් නිවසේ විසූ එම්.බී.ජෝතිපාල සිල්වා ස්වාමියාට පිං පිණිස සිය බිරිද වන හේමා සේනාරත්න මහත්මිය සහ දියණිවරුන්ගේ ධන පරිත්‍යාගයෙන් රද්දොළුගම සමාධි බුදු මැදුර පරිශ්‍රයේ පැවති පැරණි බෝධි ප්‍රාකාරය ඉවත් කර ඒ වෙනුවට නව බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීමේ කටයුතු 2015 අගෝස්තු මස 21 වන දින මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ආරම්භ කර අභිනවයෙන් නව බෝධි ප්‍රාකාරය ඉදිකරවා සැදැහැවතුන්ගේ දායකත්වයෙන් අභිනවයෙන් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කර ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් මස 14 වන දින (ව්‍යවහාර වර්ෂ 2015 ඔක්තෝබර් මස 14 වන දින) ශාසනයට පුජා කර විවෘත කරන ලදී. තවද සමාධි බුදු මැදුර පරිශ්‍රයේ පැරණි බුදු රැස් වළල්ල වෙනුවට නව බුදු රැස් වළල්ල ස්ථාපිත කිරීම සදහා ආධාර උපකාර කල සුනිල් ද සිල්වා මහතා ( 8 බී 36 ආර්), ශ්‍රීයානි ලියනගේ මිය (8 බී 17 එල්), ඩබ්ලිව්.ජී.නිරෝෂිනී මිය (9 බී 10 ආර්) යන මහත්ම මහත්මීන් විසින්ද සමාධි බුදු මැදුර පරිශ්‍රයේ නව පැන් ආසනය ඉදිකිරීම සදහා වී.නන්දාවතී මෙනවිය ඇතුළු දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයන් ඇතුළුව රද්දොළුගම බෞද්ධ මහා සංගමය සම දායකත්වයෙන් ද සමාධි බුදු මැදුරේ තිර රෙද්ද පුජා කිරීම ඒ.ඩබ්ලිව්.පෙරේරා මහත්මිය විසින් ද සාමාධි බුදු මැදුර පරිශ්‍රයේ පිටුපස පැති ගේට්ටුව සවි කිරීම 4 බී 15 එල් නිවසේ පදිංචි ක්‍රිශාන්ත ජගත් ලංකාතිලක මහතා විසින්ද පරිත්‍යාග කරනු ලැබීය. තවද සමාධි බුදු මැදුර අභ්‍යන්තර පරිශ්‍රයේ පැවති ජල සම්පාදන සහ මලප්‍රවාහන මණ්ඩලයට අයත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ නල පද්ධතිය එම මණ්ඩලයේ ඉල්ලීම පරිදි තාප්පය කඩා ඔවුනට පිරිසිදු කිරීමට පහසු පරිදි නිදහස් කිරීමේ කටයුතු රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මුදලින් සිදු කරන ලදී. තවද කිරණ විජේසේකර මහතාගේ සහ හංසන දිසානායක මහතාගේ තාක්ෂණික දායකත්වය මත සහ අප සංගමයේ අනුශාසක හිමිවරුන් ලෙස කටයුතු කරන අති පූජ්‍ය රද්දොළුවේ විමලවංශ නාහිමිපාණන් වහන්සේ, අති පූජ්‍ය සීදුවේ සුමනවංශ නාහිමිපාණන් වහන්සේ අවවාද අනුශාසනා මත සහ එයට අවශ්‍ය තොරතුරු එක්රැස් කර දුන් අප සංගමයේ උප සභාපතිනිය වන හේවාවිතාරණ මහත්මිය, කේ.උඩවත්ත මහත්මිය, කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කල විමල් ජයවීර මහතා, එල්.පී.ප්‍රනාන්දු මහතා, රේණුක අබේසිංහ මහතා, එච්.ඒ.මහින්ද මහතා, කේ.ජයකොඩි මහත්මිය, නන්දසේන ඉන්ද්‍රසේකර මහතා ඇතුළු තොරතුරු ලබා දුන් සියළුම මහත්ම මහත්මීන්ගේ සහයෝගය මත රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ නිළ වෙබ් අඩවිය වන www.sribodhirg.wix.com/sribodhimaluwa අන්තර් ජාලයට මුදා හැරීම සිදු කරන ලදී. තවද පෙර වර්ෂවල සිට ගැටළුවක්ව පැවති ශ්‍රී බෝධි මළුවට පුජා කරන ලද කිරිගරුඩ බුදු පිළිම වහන්සේගේ අමුද්‍රව්‍ය නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට භූ විද්‍යා සහ පතල් කැණීම් දෙපාර්තුමේන්තුවේ සහය ඇතිව සිදු කර ගැනීමටද හැකියාව ලැබිණ. ඒ වගේම වර්ෂ 2014 දී පත් කරන ලද ව්‍යවස්ථා කමිටුව මගින් කෙටුම්පත් කරන ලද සංශෝධිත ව්‍යවස්ථා කෙටුම්පත සැප්තැම්බර් මස පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේ දී සභා සම්මත විය.
වර්ෂ 2016 එල්.පී.ප්‍රනාන්දු මහතා සභාපති දරන අවධියේදී රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ ආරම්භක සභාපතිවරයා වූ දිවංගත ඩෙන්සිල් ප්‍රනාන්දු මහත්මා අනුස්මරණය කරමින් ඩෙන්සිල් ප්‍රනාන්දු පදනම මගින් රද්දොළුගම බෞද්ධ සංගමය වෙත නවීන පරිඝනක යන්ත්‍ර දෙකක් ප්‍රධානය කරන්ට යෙදුණි. එම පරිඝණක යන්ත්‍ර උපයෝගී කරගෙන බෞද්ධ මහා සංගමයේ මැදිහත්වීමෙන් යුතුව අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට පරිඝණක අධ්‍යාපනය ලබා දීමට ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීම එම ප්‍රධානයේ අරමුණ විය. තවද මෙම වර්ෂයේ දී ද ලුර්දු මාතා දේවස්ථානයේ මංගල්‍ය වෙනුවෙන් පවත්වනු ලබන වීදී සංචාරය සදහා සිසිල් පැන් දන්සල, නිදහස් සමරු උත්සවය, වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය ධර්මදේශනා මාලවක්, පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් ධර්මදේශනා මාලවක්, කඨින පිංකම ප්‍රධාන කොට ගෙන සෑම පොහෝදිනකම සීල සමාදාන වැඩසටහන් විශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ දී පවත්වන්නට රද්දොළුගම බෞද්ධ මහා සංගමය කටයුතු කරන ලදී. රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සංවිධානය කරන්නට යෙදෙන විශාලතම සංස්කෘතික මංගල්‍යය වන රද්දොළුගම මිහිදු මහා පෙරහැර, 20 වන වතාවටත් මහත් වූ හරසරින් යුතුව අති උත්කර්ෂවත් සහ අභිමානවත් අයුරින් පැවැත්වන ලදී. ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක් වශයෙන් නම් කර සිටින ආසියාවේ උසම දළ සහිත මංගල හස්ථිරාජයා ලෙස වීරධාවලිය ලත්, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා මංගල හස්ථිරාජයා මතින් ශ්‍රී බෝධිමළුවේ සධාතුක කරඩුව වැඩම කරවීමට ඉඩප්‍රස්ථාව ලැබීම රද්දොළුගම ජනතාවට ලැබූ භාග්‍යයක් සේ සැලකිය හැකිය. රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ රෝපණය කිරීම සඳහා වැඩම කළ වදාළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුර ශාඛාව දෙසැම්බර් 31 වන දා රාත්‍රියේ දී රද්දොළුගම ශ්‍රී බොධි මළුවට වැඩම කරවීමට හැකිවිය. ශ්‍රී බෝධි මළුවේ පුණ්‍යකර්මයන් සදහා සහභාගි වන දායකයන්, බැතිමතුන් සහ බෞද්ධ මහා සංගමයේ සාමාජික සාමාජිකාවන් වැඩි පිරිසකට තමන්ගේ අවශ්‍යතාවයන් එකවර ඉටුකරවාගත හැකි වූ ආකාරයට ඉඩපහසුකම් වැඩි දියුණු කර රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ කාර්යාලය නවීකරණය කිරිම මෙම වසරේ දී සිදු කරන ලදී. ශ්‍රී බෝධි මළුවේ පැවැත්වෙන පිංකම් ප්‍රචාරය කිරීම සදහා ආධාරකයක් ස්ථීර ලෙස සකස් කිරීම ද සිදු කරන ලදී. 11 බී 47 ආර් නිවසේ පදිංචි නන්දසේන ගලප්පත්ති මහතාගේ දායකත්වයෙන් ශ්‍රී බෝධි මළුවේ පහන් වැට සහ දොළොස්මහේ පහන නවීකරණය කිරීමටත් එම පහන ඉඩ පහසුකම් ලැබෙන පරිදි ස්ථානගත කිරීම ද සිදු කරන ලදී.
වර්ෂ 2017 රේණුක අබේසිංහ මහතා සභාපතිත්වය දරණ සමයේ දී ද ලුර්දු මාතා දේවස්ථානයේ මංගල්‍ය වෙනුවෙන් පවත්වනු ලබන වීදී සංචාරය සදහා සිසිල් පැන් දන්සල, වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය ධර්මදේශනා මාලවක්, පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් ධර්මදේශනා මාලවක්, කඨින පිංකම ප්‍රධාන කොට ගෙන සෑම පොහෝදිනකම සීල සමාදාන වැඩසටහන් විශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ දී පවත්වන්නට රද්දොළුගම බෞද්ධ මහා සංගමය කටයුතු කරන ලදී. 2017 වර්ෂයේ මැයි මාස අවසාන භාගයේ දිවයිනේ දිස්ත්‍රික්‍රයන් වල ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් අති විශාල ජීවිත සහ දේපළ විනාශයක් සිදුව තිබියදී මිහිදු මහා පෙරහැර පැවැත්වීම අනුචිත බව සංගමයේ අනුශාසක හිමිවරුන්ගේ ද, විධායක සභා සහ කාරක සභා රැස්වීම් වලදීත් මිහිදු මහා පෙරහැර අත්හිටුවීමට තීරණය විය. මිහිදු මහා පෙරැහැර සදහා එක්රැස් වූ මුදල් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා සංගමයේ තීරණය විය. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මොරවක කන්ද ප්‍රදේශයේ ජනතාව වෙත සහන සැලසීම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුදැනුම ඇතිව රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මුලිකත්වයෙන් අනෙකුත් ස්වෙච්චා සංවිධාන වල සහයෝගය ඇතිව මාතර මොරවක ප්‍රදේශයේ දී සිදු කරන ලදී. 2017 මැදභාගයේ දී උග්‍ර ලෙස උත්සන්න වූ ඩෙංගු රෝගය හේතුවෙන් විපතට පත් වූ සියළුම දෙනාට සහ සමස්ථ රද්දොළුගම ජනතාවට සෙත්පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ජංගම ධර්ම දේශනා පිංකමක් පැවැත්වීය.රද්දොළුව ශ්‍රී අභිනවාරාම විහරස්ථානයේ සහ රද්දොළුව ශ්‍රී සොබෝධාරාම යන උභය විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය රද්දොළුවේ අමරවංශ නායක ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සවය වෙනුවෙන් සහ රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ උත්තරීතර අනුනායක අතිපූජ්‍ය රද්දොළුවේ විමලවංශ ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍යය පහසුකම් වෙනුවෙනුත් රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ අරමුදලින් දායක වන ලදී.
වර්ෂ 2018 එල්.පී.ප්‍රනාන්දු මහතා සභාපති දරන අවධියේදී ද ලුර්දු මාතා දේවස්ථානයේ මංගල්‍ය වෙනුවෙන් පවත්වනු ලබන වීදී සංචාරය සදහා සිසිල් පැන් දන්සල, නිදහස් සමරු උත්සවය, වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය ධර්මදේශනා මාලවක්, පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් ධර්මදේශනා මාලවක්, කඨින පිංකම ප්‍රධාන කොට ගෙන සෑම පොහෝදිනකම සීල සමාදාන වැඩසටහන් විශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ දී පවත්වන්නට රද්දොළුගම බෞද්ධ මහා සංගමය කටයුතු කරන ලදී. රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සංවිධානය කරන්නට යෙදෙන විශාලතම සංස්කෘතික මංගල්‍යය වන රද්දොළුගම මිහිදු මහා පෙරහැර, 21 වන වතාවටත් මහත් වූ හරසරින් යුතුව අති උත්කර්ෂවත් සහ අභිමානවත් අයුරින් පවත්වන ලදී. වෛද්‍ය කාන්ති පටබැදිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සායනයක් ශ්‍රී බෝධි මළුවේ දී ආරම්භ කිරීමද මෙම වසරේදී සිදු කරන ලදී.
වර්ෂ 2019 වසන්ත විජේරත්න මහතා සභාපති දරන අවධියේදී ද ලුර්දු මාතා දේවස්ථානයේ මංගල්‍ය වෙනුවෙන් පවත්වනු ලබන වීදී සංචාරය සදහා සිසිල් පැන් දන්සල, නිදහස් සමරු උත්සවය, වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය ධර්මදේශනා මාලවක්, පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් ධර්මදේශනා මාලවක්, කඨින පිංකම ප්‍රධාන කොට ගෙන සෑම පොහෝදිනකම සීල සමාදාන වැඩසටහන් විශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ දී පවත්වන්නට රද්දොළුගම බෞද්ධ මහා සංගමය කටයුතු කරන ලදී. 2019 අප්‍රියෙල් මස 21 වන දා ත්‍රස්ත ප්‍රහාරයත් සමග වෙසක් සතිය පිංකම් මාලාවත් පොසොන් සතිය පිංකම් මාලාවත් ගරු අනුශාසක ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීම සහ අප සංගමයේ ක්‍රියාකාරී සාමාජික මහත්ම මහත්මීන්ගේ උත්සහය සහ කාරක සභාවේ කැපවීම මත හා ඒකල ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිළධාරීතුමන්, රද්දොළුගම පොලිස් ස්ථානාධිපතිතුමන් ලාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරී මහතුන් යොදවා ලබා දුන් ආරක්ෂාව මත මෙම පිංකම් සංවිධානය කිරීමට සිදු විය. තවද එම ත්‍රස්ත ප්‍රහරයත් සමග රටේ ඇති වූ ආරක්ෂක තත්වය හේතුවෙන් මිහිදු පෙරහැර ද අත්හිටුවීමට සංගමය තීරණය කරන ලදී. ශ්‍රී බෝධි මළුව සහ ධර්මශාලාව අතර වැලි මළුව සහිත මාර්ගය ඉන්ටලොග් ගල් අතුරා ක්‍රමානුකූලව අලංකාරව සකස් කිරීම සිදු කරනු ලැබූ අතර ඒ සදහා රු. 500,000 මුදලක් ප්‍රදේශීය සභා මන්ත්‍රී වෛද්‍ය ලක්ෂ්මන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ප්‍රතිපාදන වලින් ලබා දුන් අතර එය සම්බන්ධීකරණය කර දුන්නේ කටාන ප්‍රදේශීය සභා මන්ත්‍රීනී කුමාරි වනිගසුන්දර මැතිණිය විසිනි. ඒ වගේම කැමරා 8 කින් යුත් CCTV කැමරා පද්ධතිය සංගමයේ ගරු උප ලේකම් බී.පී.වික්‍රමපාල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ පින්වතුන්ගේ දායකත්වයෙන් ශ්‍රී බෝධි මළුව පරිශ්‍රයේ ස්ථාපනය කරන ලදී.
වර්ෂ 2020 වසර වසන්ත විජේරත්න මහතාගේ දෙවන නිළ කාලය ඉතාමත් අභියෝගාත්මක වසරක් වූයේ ලෝක කොරෝනා වසංගතය හේතුවෙන් රට අක්‍රමන්‍ය තත්වයකට පත් වූ අවධියක් හේතුවෙනි. එබැවින් පෙර වසරවල් මෙන් වෙසක් සතිය, පොසොන් සතිය වැනි පිංකම් මාලාවන් පැවැත්වීමට නොහැකි විය. නමුත් සැදැහැති කිහිපදෙනෙකුගේ මහත් ශ්‍රද්ධාවෙන් අඛණ්ඩව බුද්ධ පූජා පිංකම් පවත්වන ලදී. කොවිඩ් වසංගතය හේතුවෙන් සංගමයේ සාමාජිකයන් වෙත වියළි අහාර පාර්සල් ලබා දීම සංගමය මගින් කටයුතු කරන ලදී.උෂ්නත්ව මාපකයක් සහ දෑත් පිරිසිදු කරගැනීම සදහා විශේෂ ජල කරාම දෙකක් අස්විද ලක්සිරි මහතාගේ දායකත්වයෙන් සංගමය වෙත පරිත්‍යාග කරන ලදී. රට නැවත විවෘත වූ පසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන්ට අනුකූලව සීල සමාදාන වැඩසටහන් සංවිධානය කිරීම අප සංගමය මගි සිදු කරන ලදී. බෞද්ධ මහා සංගමයට අනුබද්ද අවමංගල්‍යාධාර සංගමයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම විමල් ජයවීර මහතා, පී.ඩබ්.එන්.කේ.එස්.උඩවත්ත මහත්මිය, එල්.පී.ප්‍රනාන්දු මහතා, සම්පත් ලියනගේ මහතා,අරුණ ඉන්දික මහතා සහ සභාපතිතුමන් වන විජේරත්න මහතාගේ අධීක්ෂනයෙන් ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලදී. දැනට අක්‍රීයව පැවති බෞද්ධ මහා සංගමයේ නිළ Face Book පිටුව සංගමයේ උප සභාපති නිහාල් අලහප්පෙරුම මහතාගේ මැදිහත් වීමෙන් සහ ඉල්ලීම අනුව කිරණ විජේසේකර මහතා විසින් නැවත සක්‍රියව පවත්වාගෙන යාම ආරම්භ කරන ලදී.
2021 වසන්ත විජේරත්න මහතාගේ තෙවන නිළ කාලයේ දීද පෙර වර්ෂයේ සිට කොරෝනා වසංගතයෙන් බලපෑම් තිබුනද සීල සමාදාන වැඩසටහන්, බෝධි පූජා පිංකම් පවත්වන ලදී. බෞද්ධ මහා සංගමයේ අනුශාසකව වැඩ විසූ ශ්‍රී ලංකා අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ අනුනායක රද්දොළුවේ විමලවංශ අනුනාහිමියන් විසින් 2021.04.17 වන දින සංගමය වෙත යොමු කල ලිපියෙන් උන්වහන්සේ මෙතෙක් දැරූ අනුශාසක ධූරය උන්වහන්සේ ඔත්පලව වැඩ සිටින හෙයින්ද එවකට විහාරාධිකාරි වීදියගොඩ විජිත වංශ හිමියන් වෙත පැවරීම යෝග්‍ය බව පෙන්වා දී තිබූ අතර එම ලිපිය ජුලි මස 15 වන දින පැවති කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලැබූ බව වීදියගොඩ විජිතවංශ හිමියන්ට පිටපතක් ද සමග අති පූජ්‍ය අනුනාහිමියන් වහන්සේට දන්වා යැවීමට කටයුතු කරන ලදී.