මිහිදු මහා පෙරහැර 2015
- Jul 1, 2015
- 1 min read
පොසොන් සද උදාවේ අසිරිය සිරිලක දස දෙස පැතිර සියලු දනන්ගේ එකමුතු භාවය සංකේතවත් වන ඒ අසිරිමත් දිනය සමරනු වස් රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලැබූ රද්දොළුගම මිහිදු මහා පෙරහැර 19 වන වරටත් 2015 ජුනි මස 27 වන සෙනසුරාදා දින රාත්‍රී 7.00 රද්දොළුගම ශ්‍රී බෝධි මළුවෙන් ආරම්භ වී නිවස සංකීර්ණය පුරා වීදි සංචාරය කරන ලදී. පාරම්පරික සංස්කෘතිකාංගයන්ගෙන් හා අලි ඇතුන්ගෙන් රද්දොළුගම මිහිදු මහා පෙරහැර විචිත්‍රවත් වන ලදී.



Comments