සුභ නව වසරක් වේවා

2015 ට සමුදෙන 2016 ට සර්වකාලීන වටිනාකමකින් යුතු සම්බුදු සදහම් ඔවදන ''අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ- වයෝගුණා අනුපුබ්බං ජහන්ති එතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සන්තිපෙක්ඛෝ " සම්මා සම්බුදුරජාණන් වහන්සේ- සංයුක්ත නිකාය - දේවතා සංයුක්තය , අච්චෙන්ති සූත්‍රය දිවා කාලය ගෙවී යයි. රාත්‍රිය තරණය වෙයි. ටිකෙන් ටික වයස විසින් අපේ ජීවිත මරණය කරා ගෙන යයි. මේ ගැන ගැඹුරින් පසක් කර ගන්නා, සදාකාලික සැනසීම, ශාන්තිය බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන නුවණැති සත්පුරුෂයා සදාකාලික සැනසීම හෙවත් නිවන පසක් කර ගැනීම පිණිස කාම, භව,විභව යන භවත්‍රයට (භව තුනට) ඇති ආශාව, ගිජුකම දුරු කරන්නේ ය. 2016 නව වසරේ සත්පුරුෂ පින්වත් ඔබ සැමට, මෙම උතුම් සැනසීම කරා ලං වන්නට ඇවැසි කායික- මානසික නිදුක්, නිරෝග සුවතාවය සහ ශක්තිය ධෛර්යය නො අඩුව ම ලැබේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කර සිිටිමු.


Comments